Latestදේශීය

දිලිත් අභීත නායකයෙක් – හේමකුමාර නානායක්කාර

දිලිත් ජයවීර මහතා වැනි සුදුසුකම් ඇති පුද්ගලයෙක් මව්බිම ජනතා පක්ෂයේ නායකයා වීම භාග්‍යයක් ලෙස සලකන බව මව්බිම ජනතා පක්ෂයේ ජේෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා සඳහන් කරයි.

මවුබිම ජනතා පක්ෂය නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දිලිත් ජයවීර මහතාගේ නමට පෙර ‘අ’ අකුරු තුනක් දකින බවත් අප්‍රතිහත ධෛර්යය, අහීතභාවය, අදීනත්වය එහි තේරුම යැයිද ඔහු පැවසීය.

එම අවස්ථාවේදී පක්ෂ නායක දිලිත් ජයවීර මහතා ද හමුව අමතමිනි කියා සිටියේ මෙරට දේශපාලන අවකාශයේ ඇති වී තිබෙන වර්තමාන රික්තකය සාධනීය ලෙස සපුරා ලීමේ අරමුණින් මවුබිම ජනතා පක්ෂය නිර්මාණය කළ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *