Latestදේශීය

බාල ඖෂධ ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යවරයා වග කිව යුතුයි – සජිත් ප්‍රේමදාස

රජය සහ අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල ඖෂධ සපයන ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බවත්, හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (IV IG) යන අත්‍යාවශ්‍ය ඖෂධය කූඨ ලේඛන සකස් කර සුපුරුදු පරිදි හොර රහසේ, ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකොට, ලියාපදිංචි කිරීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙවැනි ක්‍රියාවලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් රැගෙන ආ බවත්, එහෙත් මෙවැනි බාල ඖෂධ ගෙන්වමින් ජනතාවගේ ජීවිත සමග සිදුකරන සෙල්ලම අනුමත කරමින් 113 දෙනෙකු සිය ඡන්දය භාවිත කළ බවත් ප්‍රේමදාස මහතා සිහිපත් කළා.

අදාළ ඖෂධය ස්නායු රෝගීන්ට හා හදවත් රෝගීන්ට භාවිත කරන ඖෂධයක් බවත්, එම ඖෂධය නොමැති වුවහොත්, බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු ඇඟවූ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

මෙවන් බරපතල සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණය කළ හා දූෂිත ජාවාරමක නිරතවන සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපතිවරයා කටයුතු නොකිරීම හෙළාදකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා

@Media unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *