යක්ෂයාගේ හෝරාවට ආසන්න වන ගාසා තීරය
භූ දේශපාලනයේ මෙන්ම මැදපෙරදිග කලාපයේ අනාගතය තීරණය වන ඊශ්‍රායෙල් පලස්තීන යුධ ගැටුමේ උච්ඡතම පැය කිහිපය උදාවෙමින් තිබේ.
ඉදිරි පැය 24 ක කාලය ඇතුළත ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් සියලු ජනතාව ඉවත්ව යා යුතුව ඊශ්‍රායලය දැනුම්දී ඇති අතර ඒ අනුව ආසන්න වශයෙන් ලක්ෂ 11ක පමණ ජනතාවක් මෙම ප්‍රදේශයෙන් ඉවත් විය යුතුව ඇත.
ඊශ්‍රායෙල් හමුදාව ලක්ෂ ගණනක් මෙන්ම අවි ආයුධ අති විශාල ප්‍රමාණයක් මේ වන විටත් ගාසා තීරයට රැස් කර ඇති අතර තම යුධ ශක්තිය පිළිබදව දැඩි තක්සේරුවකින් ඊශ්‍රායලය පසුවේ.
පලස්තීනය වෙත බෝම්බ ප්‍රහාර 6000කට අධික සංඛ්‍යාවක් පතිත කිරීමට පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායලය කටයුතු කර ඇත.
ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජනතාවගෙන් 20% පමණ අවතැන්ව ඇති අතර කුඩා දරුවන් මෙම යුද්ධයේ අවාසනාවන්ත වින්දිතයන් බවට පත්ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

