Latestදේශීය

රාජපක්ෂලා කෘතගුණ දන්නේ නැහැ – දිලිත් ජයවීර

තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් තම වෘත්තීය හැකියාවන් උපරිම ලෙස යොදා ගනිමින් කටයුතු කළ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

තමන් කළ කාර්යය වෙනුවෙන් යුධ ජයග්‍රහණයෙන් පසු තමන්ට නිසි ගෞරවය ලබා දීමට එම කඳවුර අපොහොසත් වූ බව ද ඔහු පවසන්නේ තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

එසේ වුවද තමන් දිගින් දිගටම රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටි බව ද පවසන දිලිත් ජයවීර මහතා 2015 වසරේ ජනාධිපතිවරණයට පෙර පැවති සංවාදයක් අතර තුර බැසිල් රාජපක්ෂ සමඟ විශාල මත ගැටුමක් ඇති කරගෙන අදාළ ජනාධිපතිවරණ මෙහෙයුමෙන් ඉවත් වූ බවද සඳහන් කරයි.

ඒ වන විට දුෂිත මැර හොරකම් කරන පාලනයක් ලෙස රාජපක්ෂ පාලනය යලි ගොඩ ගත නොහැකි ලෙස සමාජයේ පහළටම අද වැටී තිබූ බවද ඔහු මෙහිදී සඳහන් කරයි.

දෙරණ මාධ්‍ය ආයතනය තුළ පවතී ඡන්ද විමසීමකින් පවා මෛත්‍රීපාල සිරිසේන මහතා 70% ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබූ බවද ඔහු එහිදී හෙලි කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *