Latestදේශීය

සජිතගේ කතාව වැරදියි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ජැක්සන් ඇන්තනි මහතාට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී කෘතිම ස්වසනය ලබා දුන්නෙත් පවුලේ උදවිය විසින් ලබාදුන් වෙන්ටිලේටර යන්ත‍්‍රයකින් බවට සිදු කරන ලද ප‍්‍රකාශය ගොං කතාවක් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වෙන්ටිලේටරයක් යනු දැඩි සත්කාර ඒකක ඇදක එක කොටසක් පමණක් බවයි.

දැඩි සත්කාර ඒකක ඇදක් සඳහා තවත් විශේෂ යන්ත්‍ර ගණනාවක් අවශ්‍ය බවත් ඊට අමතරව පැය 24 ක් තිස්සේ ආවරණය වන විවිධ විෂයයන්ට අදාළ වෛද්‍යවරු මෙන්ම හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයක්ද අවශ්‍ය බවත් ඔහු පැවසීය.

ඇන්තතී මහතාගේ පවුලේ අය විසින් අදාළ වෙන්ටිලේටර යන්ත්‍රය ලබා දුන්නේ ජාතික රෝහලේ යන්ත්‍ර මගින් දින 300ට වැඩි ප්‍රමාණයක් ඔහුගේ ජීවිතය පවත්වා ගෙන ගියාට පසුව බවද හෙතෙම කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ නෙත් ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *