Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් ආයතනය උසාවි ගෙනියනවා

ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදහස් පළ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ලෝක කුසලාන තරඟාවලිය අත ලඟ තබාගෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධයට ලක්වූ බවයි.

ඒ නිසා ඔවුන් නොමැතිව ක්‍රීඩා කිරීම මත ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

එනිසා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන තත්වයන්ට වගකිව යුත්තේ වැරදි වෙලාවක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වූ ක්‍රිකට් ආයතනය බවටද ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට තමන් අනුමැති නොදුන් බවත් එය මේ මොහොතේ පැවැත්විය යුතු නැති බවත් තමන්ගේ අදහස වූ නමුත් එය නොතකා ක්‍රිකට් ආයතනය විසින් එම තරගාවලිය පැවැත්වූ බවටද ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද පැවසූ ඔහු නීතිපතිවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කරනු ඇති බවද හෙතෙම තවදුරටත් මාධ්‍ය අමතමින් කියා සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *