Latestදේශීය

ශ්‍රී ලාංකික පවුල් 3ක් ගාසා තීරයේ

පලස්තීනයේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ආරක්ෂිතව සිටින බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි.

එහි ප්‍රධානී බෙනට් කුරේ මහතා සඳහන් කළේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 17 දෙනෙකු පලස්තීනය තුළ රැඳි සිටින බවය.

පලස්තීනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරන පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ මහතා.,

“ගාසා තීරයේ ශ්‍රී ලාංකික පවුල් 3ක් පදිංචි වෙලා ඉන්නවා. එක පවුලක් අවුරුදු 22ක් පුරා ගාසා තීරයේ පදිංචි වෙලා ඉන්නවා. තව පවුලක් අවුරුදු 5ක් පමණ. අනික් පවුල තනිකරම ශ්‍රී ලාංකිකයි. ඒ පවුල් 3 සමග අපි නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වනවා දුරකථන මාර්ගයෙන්. දිනපතා කතා කරලා ඔවුන්ගේ තොරතුරු විමසනවා. දැනට ඔවුන් ආරක්ෂිතව ස්ථානවල ඉන්නවා. හමාස් සංවිධානයේ අයට විරුද්ධව ඊශ්‍රායලය විසින් දියත් කරලා තියෙන ඒ ප්‍රහාරය අනුව ඊශ්‍රායලය නියෝග කරලා තියෙනවා ඔවුන්ට ගාසා තීරයේ උතුරු දිසාවෙන් දකුණු දිසාවට යන්න කියලා. ඔවුන් දැනට දකුණු දිසාවට ගිහිල්ලා ආරක්ෂිත ස්ථානවල ඉන්නවා. ඔවුන් ගාසා තීරයෙන් ඉවත් කර ගැනීම පිළිබඳව රතු කුරුස සමාජයටත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලංකාවේ විදේශ සේවා අමාත්‍යාංශයේ කන්සියුල අංශයටත් දැනුම් දීලා තියෙනවා.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *