Latestදේශීය

තවත් ණය කන්දක් ජනතා හිස මතට

ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය ලේඛනය අනුව රුපියල් ට්‍රිලියන් 5කට ආසන්න (රුපියල් කෝටි 500,000) ණය මුදලක් අවම වශයෙන් ලබා ගැනීමට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දී තිබේ.

මෙම ණය ලබා ගැනීඹට සිදුවී තිබෙන්නේ දේශීය වශයෙන් ලබා ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පත්වල අධික පොලිය ගෙවීමටත් ආණ්ඩුව අපේක්ෂිත ආදායම් ලබා ගැනීමට අසමත් වීමත් මූලික කර ගෙන ය. රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථිකය හැකිළීමේ ක්‍රියාමාර්ග අනුව රටේ ආදායම් උත්පාදනය පහත වැටීමෙන් රජයේ බදු ආදායම් සීමා වී තිබේ.

ඊට අමතරව පසුගිය වසරේද ඉහළම ආදායම් ලබන්නන් රුපියල් කෝටි 90,400 ඉක්මවූ බදු ප්‍රමාණයක් පැහැර හැරීම වැනි බදු පැහැර හැරීම සඳහා ආණ්ඩුව ඉඩ ලබාදී ඇති හෙයින් රාජ්‍ය ආදායම් උපයා ගැනීම දැඩි ලෙස පහත වැටී ඇත.

එය පියවා ගැනීම සඳහා විශාල වශයෙන් ණය ගැනීමට සිදුවීමත් ලබන වසරේ ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් යම් හෝ සහන ලබාදීමට ආණ්ඩුවට සිදුවීමත් නිසා තව තවත් ණය බර විශාල වශයෙන් වැඩිවෙනු ඇතැයි පෙන්වා දී ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?