මීරියබැද්ද නැවතත් අනාරක්ෂිතයි
මේ වනවිට පවතින දැඩි වර්ෂාපතනත් සමග ඇත්ව තිබෙන අයහපත් කාලගුන තත්නව හේතුවෙන් මීට පෙර නායයෑමට ලක් වූ හපුතලේ – කොස්ලන්ද – මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 248 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
එම ප්‍රදේශයට මේ වනවිය නායයෑමේ අවදානමක් මතුව ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශවලට අනුව එම පවුල්වල පුද්ගලයන් 768 දෙනකු මෙලෙස ඉවත් කිරීමට කටයුතු කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා සඳහන් කරයි.
ඒ අනුව තාවකාලිකව, කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවට ද, මහකන් ද ප්‍රදේශයේ පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවට ද, දිවුල්ගසමුල්ල ප්‍රදේශයේ පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද යොමුකර ඇතිබව ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා වැඩිදුරටත් සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

