Latestදේශීය

සෝමරත්න, ජැක්සන් කතා කළා ද? නැද්ද?

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශයන් සමාජජාලාවල හුවමාරු වේ.

ඔහු හිරු රූපවාහිනිය සමග සාකච්චාවකදී සඳහන් කරන්නේ අදාළ අනතුර සිදුවී විනාඩි කිහිපයකින් තමන් එම ස්ථානයට ගිය බවත් ඇන්තනී මහතා එහිදී තමන් සමග කතා කළ බවත්ය. තමන්ට අමාරු බවත් රෝහල් ගත කරන්නැයි ඔහු ඉල්ලා සිටි බවද සෝමරත්න මහතා එහිදී පැවසීය.

නමුත් සිරස රූපවාහිනි සමඟ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ අදාළ අනතුර සිදු වූ අවස්ථාවේ ජැක්සන් ඇන්තනි මහතා කිසිදු වචනයක් කථා නොකළ බවක් ඇස් ඇරගෙන තමන් දෙස බලා සිටි සිටියා පමණක් බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *