Latestදේශීය

තද වැසි දින කිහිපයක්

තද වැසි සහ අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එම නිවේදනය ඔක්තෝබර් මස 17 වනදා සිට ඔක්තෝබර් 20 වනදා දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එම කාලය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැඩි තිව්‍රතාවයකින් යුතු මි.මී 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *