Latestදේශීය

රාජ්‍ය බැංකු ‌6ක කොටස් විකිණීමට?

මේ වනවිට අත්හිටුවා තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු 06ක කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ විකිණීම අනිවාර්ය කර ඇති බව අනාවරණය වේ.

පසුගිය මාසය අවසානයේ මෙරටට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිතයන් රාජ්‍ය අංශයේ ව්‍යාපාර විකුණා දැමීමේදී ආණ්ඩුව දක්වන මන්දගාමී ක්‍රියා පිළිවෙත පිලිබඳව කනස්සල්ල පල කර තිබිණි. ඉන් පසුව පසුගිය සති අන්තයේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන දෙකම එක් වී මොරොක්කෝවේදී සාකච්ඡා පැවැත්වීය. එහිදී ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට ගැණුනු බව වාර්තා වේ.

මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබා දීමට නියමිත ඩොලර් මිලියන 300කට මදක් වැඩි දෙවන ණය වාරිකය ලබාදීමටනම් රාජ්‍ය බැංකුවල කොටස් විකිණීම අනිවාර්ය කළ යුතු බව අවධාරණය කර ඇතැයි වාර්තාවේ. මෙම කොටස් විකිණීම පිළිබඳව බැංකු සේවක සංගම්ද මේ වනවිට දැඩි අවධානයක් යොමු කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *