Latestදේශීය

අලි සාහිර්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සෙයියඩ් අලි සාහිර් මෞලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (17) කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළේය. එම තීරණයට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම 2023 ඔක්තෝබර් 06 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙන් නිෂ්ප්‍රභ කර ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13)(අ) ව්‍යවස්ථාව අනුව, මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් 2023 ඔක්තෝබර් 06 දින සිට පවතින බව නිවේදනය කෙරිණි.

ඒ අනුව, නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහොසි වීමත් සමග එම මන්ත්‍රී ධුරය සඳහා අලි සහීර් මෞලානා මහතා මෙලෙස පත්වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *