සය නිවුන් දරු උපතක්
කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ සය නිවුන් දරු උපතක් සිදු වී තිබේ.
රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවත් මව හා බිළිදුන් හයදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කළේය.
රෝහලේ ළදරු ප්‍රතිකාර ඒකකයේ ඉඩකඩ සීමා වීම හේතුවෙන් එක් දරුවෙකු රීජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

