සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබේ.
අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවයි.
ඒ අනුව එළඹෙන සෙනසුරාදා (21) දින පස්වරු 5.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දන්වා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

