අජිත් මාන්නප්පෙරුමට මාසයක් පාර්ලිමේන්තුව තහනම්
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි සති හතරක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට තීරණය කර තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම තීන්දුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් හැසිරුණු බවට චෝදනා කරමිනි.
පාර්ලිමේන්තු සභාවේ හූ හඬ නගමින් අශෝභන ලෙස හැසිරෙමින් සෙංකෝලය ඉවත් කිරීමට මන්ත්‍රීවරයා සැරසුණු බවත් සෙංකෝලය ස්පර්ශ කිරීම බරපතළ වරදක් බවත් කතානායක වරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න ඇසීමේ වාරය දී මන්ත්‍රීවරයා සභා ගැබ මැදට පැමිණ මෙම කලහකාරී හැසිරීෙම් නිරත වී ඇත.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව ටික වෙලාවකට කල්තැබීමටද සභා කතානායක වරයා කටයුතු කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

