Latestදේශීය

කොත්මලේ අමුතු හඬට බිය විය යුතු නැහැ

කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් අද සිදුකළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අද එම ප්‍රදේශය නිරික්ෂණය කිරීමෙන් පසුව මෙම හෙළිදරව්ව සිදුකළේය.

එහිදී අපවෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා සිටියේ කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පොළොව අභ්‍යන්තරයේ ඇතිවන විවර තුළින් ජලය ගමන් කිරීම නිසා ඇතිවන හඬක් බවය.

එය බරපතළ තත්ත්වයක් නොවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින වැසි සහිත කාලගුණයත් සමග කොත්මලේ හැඳුනුවැව වෑතලාව ක්‍රීඩාභූමිය අභ්‍යන්තරයෙන් අසාමාන්‍ය හඩක් ගම්මුන්ට ඇසී වී ඇත්තේ, පසුගිය පසුගිය 14 වැනිදා සිටය.

ගම්වාසීන් භීතියට පත්කරන මෙම හඬ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා භූ විද්‍යා හා පතල් කැණීම් ඒකකයෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

එවන් පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අද එම ප්‍රදේශයට ස්වේච්ඡාවෙන්ම පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *