Latestදේශීය

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ

පවතින අදික වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. 

අද (19) පැවති මාධ්‍ය හමුවකදී එක් වෙමින්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා මේ බව සඳහන් කළේය.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,368 ක් වන අතර ඒ අතරින් රෝගීන් 1,885 දෙනෙකු මේ මාසයේ වාර්තා වී තිබේ. 

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *