පළමු මාස 3 ඇතුළත ප්‍රධාන වංචාකාරයින් 10 කොටුකරගන්නවා – අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පළවෙනි මාස 03 ඇතුළත මහජන ධනය කොල්ල කෑ ප්‍රධාන වංචා 10කට අදාළව සියලු ධනය අත්පත්කරගන්නා බවත් දැනටමත් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර අවසන් බවත් එම පක්ෂයේ නායක අනුර දිසානායක පැවසීය.
පසුගියදා (21) ගම්පොලදී පැවති ජාතික ජන බලවේගයේ ආසන සමුළුව අමතමින් මේ බව අවධාරණය කල ඔහු ආණ්ඩුවක් අරගෙන හොරු අල්ලන්න එනවා නොව දැනටමත් ප්‍රධාන වංචා 10ට අදාළ සැලසුම් සකස් ඇති බවත් අවධාරණය කළේය.
මේ බව ඔහු සඳහන් කළේ “මම ඕගොල්ලන්ට එක සහතිකයක් දෙන්නම්, පළවෙනි මාස 03 ඇතුළත, දැන්මම කේස් 10 හොයාගෙන ඉවරයි අදාළ පුද්ගලයයි ඒ ටිකයි ඔක්කොම ගන්නවා. ඊට පස්සේ තව තියෙනවා. නිකන් නෙවෙයි ඉන්නේ හොඳේ. ආණ්ඩුවක් අරගෙන හොරු ගැන හොයන්න නෙවෙයි. දැනටම අපි සැලසුම් හදල තියෙන්නේ. බය වෙන්න එපා. ඒ වැඩේ අපි කරනවා.” යනුවෙනි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

