මිලියන 230ක කොකේන් අත්අඩංගුවට
රුපියල් මිලියන 230කට අධික වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) පස්වරුවේ ඇය මෙරටට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්ෂාවකදී මුද්‍රිත පොත් අතර සඟවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 598ක තොගයක් සොයාගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේය.
42 හැවිරිදි මෙම ඉන්දුනීසියානු ජාතික කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන්තොටුපොළේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණ තිබේ.
ඒ අනුව ඇය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වැඩිදුරටත් සඳහන් කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

