Latestවිදේශීය

හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

ජම්මු – කාශ්මීරයේ කිෂ්ත්වාර් ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 3.5ක භූ කම්පනයක් සිදුව තිබේ.

ඊයේ (22) රාත්‍රියේ රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය වාර්තා වු බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

එම කලාපයේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

පැය 24කට අඩු කාලයකදී හිමාලය කඳු වැටිය ආසන්නයේ බලපෑ දෙවන භූ කම්පනය මෙය බව සඳහන් වේ.

ඊයේ උදෑසන නේපාලයට රික්ටර් මාපාංක ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *