Latestදේශීය

ඉරුදින පෝ දින ටියුෂන් තහනම්

(අමදෝරැ අමරජිව)

නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල  උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දහම් අධ්‍යාපනයට යෙදවිමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පංති රැල්ලක් නිර්මාණය වි තිබිම හේතු කරගෙන මෙම තීරණය ගත් බව පලාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ දැක්වේ.

මේ අනුව ඉරිදා දිනවල පස්වරැ 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පංති පැවැත්විම මෙලෙස තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති අතර ඒ සදහා පොලිසියේ හා අදාල පලාත් පාලන ආයතනයේ සහය ලබා ගන්නා ලෙස එම චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබාදි තිබේ.

මෙම උපදෙස් නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය ,ත්‍රිකුණාමලය උතුර ,කන්තලේ ,අම්පාර ,මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *