ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට
ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000ක් දක්වා ඉහළ දමා ඇති අතර ජාතික හැඳුනුම්පතක පිටපතක් පිළිබඳව විස්තර සත්‍යතාවය සහතික කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරන අවස්ථාවේදී අය කරන ගාස්තුව රුපියල් 500ක් දක්වා ඉහළ දමා ඇත.
ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙක් ලෙස ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ දමා ඇති අතර එම සහතිකය වාර්ෂිකව නැවත ලියාපදිංචිය යාවත්කාලීන කිරීමේ ගාස්තුව රුපියල් 2,000 සිට රුපියල් 3,000ක් දක්වාද ඉහළ දමා තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

