ප්‍රභූ ජංගම ගිලන්රථ සේවාවලින් වෛද්‍යවරු ඉවත් වෙති
ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් නොවැම්බර් 01 දින සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එසේ තීරණය කර තිබෙන්නේ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (25) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.
එසේම රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බල කරමින් සිදු කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බවද එම වෛද්‍යවරු සඳහන් කරති.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

