Latestදේශීය

රනිල් බොරු කිය කිය රටවල් තරහාකර ගන්නවා – සජිත් ප්‍රේමදාස

 (නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන බොරු කතා කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.
එක්සත් ජාතික පක්ෂය තුළත් තම නායකත්වය රැක ගැනීමට බොරු කියා එකිනෙකා කෙටවිම නිසා පක්ෂය බිංදුවටම වැටුණ බවත් ඒ ආකාරයෙන් ලෝකය වටේ එක එක දේවල් කිය කියා ගොස් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ප්‍රේමදාස මහතා  පැවසීය.
පාසල් සඳහා සුහුරු පන්ති කාමර ලබා දීමේ සක්වල වැඩසටහනේ 39 වැනි අදියර යටතේ අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව කීවේය.

@ ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *