Latestදේශීය

කොරියානු යුද‌ ‌නෞකාවක් ලංකාවට

කුණු කොරියානු නාවික හමුදාවට අයත් ‘ ක්වැන්ගෙටෝ ද ග්‍රේට්’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු වුණි.

එම අවස්ථාවට කොරියානු ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියේය. 

දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණ තිබුණේ, 2017 ඔක්තෝබර් මාසයේදීය. 

දකුණු කොරියානු නාවික හමුදාව ප්‍රකාශ කළේ, ඉන්දු – පැසිෆික් ක්‍රමෝපාය යටතේ දකුණු ආසියාතික පාර්ශ්වකරුවන් සමග ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් එය ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.

මෙම නෞකාව සාමුහික ආරක්ෂාව, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සහ කොරියානු හා අනෙකුත් නෞකාවල ආරක්ෂාව සැපයීම අරමුණු කරගත් කොරියානු නාවික හමුදාවේ මුහුදු කොල්ල වැළැක්වීමේ ඒකකයට අයත් නෞකාවකි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *