Latestදේශීය

අදත් සවස වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (27) පස්වරු 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇති වෙයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *