දකුණු අප්රිකාව පළමු තැනට
(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 26 වැනි තරගය ලෙස චෙන්නායිහිදී පැවැති තරගයේදී දකුණු අප්රිකානු ක්රීඩකයෝ කඩුල්ලකින් පාකිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
දකුණු අප්රිකාව මෙම ජයග්රහණයත් සමග ප්රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි අතර දකුණු අප්රිකාව මේ දක්වා සහභාගිවූ තරඟ 6 යේදී තරඟ 5 ක් ජය ලබා ප්රසාද ලකුණු 10 ක් හිමිකරගෙන සිටී.
පාකිස්තානු පිල ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 270 (බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 31, ඉෆ්තිකාර් අහමඩ් 21, සවුද් ශකීල් 52, ශදාබ් ඛාන් 24, මාකෝ ජැන්සන් 43/3, ජෙරල්ඩ් කොයිට්ෂි 42/2, තබ්රීෂ් ශම්සි 60/4)
දකුණු අප්රිකානු පිල ඕවර 47.2 කදී කඩුලු 9 ට 271 (කුවින්ටන් ඩි කොක් 24, ටෙම්බා බවුමා 28, ඒඩන් මක්රම් 91, රෙසල් වෑන්ඩර් ඩුසේන් 21, ඩේවිඩ් මිලර් 29, මාකෝ ජැන්සන් 20, මොහොමඩ් වසීම් 50/2, ශහීන් ෂා අෆ්රිඩි 45/2, උසාමා මීර් 45/2)
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

