රනිල් බැසිල් ආරවුල උග්‍ර වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නොසතුටෙන් පසුවන බව වාර්තා වෙයි.
ඔහු පෙන්වා දී ඇත්තේ පොදු ජන පෙරමුණේ නාමලේඛනයට අමාත්‍ය ධුර ලබා නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමැතිධූර වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නොවිමසා ජනාධිපතිවරයා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ද විරෝධය පළ කිරීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ ඒ අනුවයි.
පොදුජන පෙරමුණේ මහලේකම්වරයා විසින් එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා තනි කැමැත්ත සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පක්ෂයක් ලෙස විරුද්ධත්වය පළ කරන බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

