විමල්ට අසනීපයි – නඩුව කල් තබයි
රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 08 වැනිදා දක්වා කල් දමා තිබේ.
මෙම නියෝගය ලබාදී ඇත්තේ එම නඩුව ඊයේ (27) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
විත්තිකාර විමල් වීරවන්ස අසනීප තත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව කල් තබමින් එදිනට විත්තිකරුගේ අසනීප තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

