Latestදේශීය

පොහොට්ටුව සුද්ද කළ යුතුයි

පක්ෂයේ මතය හැර දමා වෙනත් න්‍යාය පත්‍රවලට කටයුතු කරන මන්ත්‍රීවරුන් පිළිබඳව දැඩි තීරණය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්‍ෂ සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගතයුතු බවත් දැනට ස්වාධීනව කටයුතු කරන පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුවට ඇමැති ධුර ලබා දීමට කිසි හේතුවකින් ඉඩ දිය නොහැකි බවත්ය.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ඉහල නායකයන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදීය.

කකුල් දෙක දෙපැත්තේ තියාගෙන සිටින පිරිසට අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු එහිදී සඳහන් දැඩිව සඳහන් කර ඇත.

ද්‍රෝහී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමීම සඳහා ද වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එහිදී ඉල්ලා ඇත.

මෙම මන්ත්‍රීවරුන් පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග ඉදිරියේදී රටටම දැනගත හැකි වනු ඇති බවද එම පක්‍ෂ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *