Latestදේශීය

පොහොට්ටු පෙති ගැලවෙන ලකුණු ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන , එස් එම් චන්ද්‍රසේන, විමලවිර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඇමති ධුර නොලැබීමත්, පොහොට්ටුවේ කෙහෙළිය රඹුක්වැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමතිධුර හිතුවක්කාරී ලෙස වෙනස් කිරීමත් මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ,අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු බත්තරමුල්ල නෙලුම්මාවත පක්ෂ කාර්යාලයට පැමිණීම ද නතර කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම තත්වය හමුවේ පොහොට්ටුව තුළද කණ්ඩායම් වශයෙන් බෙදීම මේ වන විට උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

– Lankadeepa


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *