සෙවනගල සීනි කර්මාන්ත ශාලාව දයා ගමගේට
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව හිටපු අමාත්‍යවරයෙකු වන දයා ගමගේ මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි සන්ඩේ අයිලනඩ් පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රමේෂ් පතිරණ මහතාගෙන් ඉවත් කර මහින්ද අමරවීර මහතාට ලබා දීම එහි එක් පියවරක් බවය.
එම කර්මාන්ත ශාලාව දයා ගමගේ මහතාට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම පතිරණ මහතා ප්‍රතික්ෂේප කර ඇති බවත් එනිසා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කර මහින්ද අමරවීර මහතාට ලබා දී ඇති බවත් වාර්තාව කියා සිටියි.
දයා ගමගේ මහතාට මීට පෙර ද එම කර්මාන්ත ශාලාව හිමිව තිබූ අතර පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එය රජයට පවරා ගනු ලැබීය.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවක් ලාබ නොලබන ආයතන ලෙස ලැයිස්තු කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

