අයවැයෙන් 20000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි
අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා අදදිනයේ උද්ඝෝෂණ පවත්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි.
ඒ අනුව අද දහවල් 12ට එම උද්ඝෝෂණ පවත්වන බව එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා පැවසීය.
මෙම විරෝධතාව සදහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බවත් ඔහු සදහන් කලේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

