Latestදේශීය

ෆොන්සේකා ගැන තීරණයක් අරගෙන නැහැ – තිස්ස අත්තනායක

(නිමල කොඩිතුවක්කු)

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට හෝ විනය පියවර ගැනීමට හෝ කිසිදු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදුකර නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පිළිබඳ පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් ප්‍රතාචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය.

සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්ථා පිලිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔහු මුන ගැසී සාකච්ඡා කළ බවත් යම් යම් සීමා ඔස්සේ කටයුතු කිරිමේ එකඟතාවයකට එහිදී පැමිණි බවත් අත්තනායක මහතා කීවේය.

එමෙන්ම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සරත් ෆොන්සේකා මහතා කිසිදිනක ඉල්ලිමක් කර නොමැති බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *