Latestවිදේශීය

ලෝක බලවතුන්ගේ න්‍යායට මරාදමන ගාසා ළමා ජීවිත

ලබන වසරේදි පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය පදනම් කර ගෙන ලෝව පුරා යුද උන්මාදයක් ඇති කර තිබෙන අතර ඊශ්‍රයාල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බංකොලොත් රාජ්‍ය පාලනය වසා ගැනීම සඳහාත් ගාසා තීරයේ සමාන්‍ය වැසියන් මත හෙළමින් තිබෙන මහා විනාශයේ දත්ත යම් ප්‍රමාණයක් නිකුත් වී තිබේ.

එහි වඩාත්ම ඛේදනීය තත්වය වන්නේ 2022 වසර පුරා ලෝකයේ යුද ගැටුම්වලින් මියගිය සමස්ත ළමුන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ගාසා තීරයේ දින 21ක් තුළදී මියගොස් තිබීම ය. Save The Children ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය හෙළි කර තිබෙන්නේ එම තීරයේ ළමුන් 3,200කට වැඩි පිරිසක් මියගොස් තවත් 1,000කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවය.

ඊට අමතරව එම ප්‍රදේශයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 116 හා මාධ්‍යවේදීන් 35කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ගැබිණි මව්වරුන් 52,000කට වැඩි ප්‍රමාණයක් සහ මාස 6ට අඩු ළමුන් 30,000කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ජලය වෙනුවට අතිශයින් දූෂිත ජලය පානය කිරීමට සිදුවී ඇති බව ඇමරිකාවේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවී තිබේ. එමෙන්ම සමස්ත මියගිය සංඛ්‍යාව 8,000 ඉක්මවා තිබෙන අතර ප්‍රහාරවලින් තුවාල වූ සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇත.

ඊට අමතරව නිවාස ඒකක 220,000ක් සුන්බුන් වී ඇති අතර පොදු ගොඩනැගිලි 32,000ක්, රජයේ ගොඩනැගිලි 203ක්, ඉස්ලාමීය දේවස්ථාන 47ක් සහ කිතුනු දේවස්ථාන 7ක් මුලුමනින්ම විනාශවී ඇති බව ජාත්‍යන්තර වාර්තාවල දැක්වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *