Latestවිදේශීය

ගාසා තීරයේ ක්‍රියාත්මක ළමා සංහාරය

සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක්වීම හෝ තුවාල සිදුවීම සිදුවන බව යුනිසෙෆ් සංවිධානය විසින් ප්‍රකාශකර තිබේ.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් පැවසුවේ ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය ගාසා තීරයෙන් ඔබ්බට වූ බටහිර ඉවුරට ද ව්‍යාප්ත වී ඇති බවය.

පලස්තීන සහ ඊශ්‍රායල දරුවන් අත්විඳිමින් සිටින දරුණු කම්පනයේ ප්‍රතිවිපාක ජීවිත කාලය පුරාම පැවතිය හැකි බව ඇය වැඩිදුරටත්  සඳහන් කර තිබුණි.

මීට අමතරව දරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙසට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ පවසා ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *