ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) පියවර ගනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වු විශේෂ සාච්චාවකදී මෙම පත්වීම ප්රදානය සිදුකරනු ලැබීය.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වු අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්වු එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනු ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

