Latestදේශීය

ඉන්ධනහල් විදේශීය සමාගම් වෙත පැවරීම වළක්වන්න

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් හා සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාව, එහි සභාපති චේතිය බණ්ඩාර ඒකනායක,  ලේකම් බණ්ඩාර අරඹේකුඹුර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු තෙල් බෙදාහැරීමේ බලය හා එම සංස්ථාව සතු ඉන්ධනහල් පෞද්ගලික සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි.

එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අයැද තිබේ.

එබැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් ඇතුළු වත්කම් හා දේපොළ තෙවැනි පාර්ශ්වයේ සමාගමක් වෙත පවරාදීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්කසම්කරුවෝ  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.

ඊට අමතරව ඉන්ධන මිලදීගැනීම, සැපයීම හා බෙදාහැරීමේ කටයුතු තවදුරටත් වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීමට අදාළ ගිවිසුම්වලට එළඹීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නිකුත්කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් අයැද සිටිති.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *