ඉන්ධන මිළ යලිත් ඉහළට
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව මෙතෙක් රුපියල් 420ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 423ක් ලෙසිනි.
මේ අතර මෙතෙක් රුපියල් 351ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරක මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356කි.
එමෙන්ම මෙතෙක් රුපියල් 421ක්ව පැවත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 431ක් ලෙස සටහන් වේ.
එමෙන්ම මෙතෙක් රුපියල් 242ක්ව පැති ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249ක් ලෙසයි.
විශේෂයෙන් මෙතෙක් රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356ක් ලෙසය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

