ජනාධිපති ප්‍රවාහන අධ්යක්ෂ ජෙනරාල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාරයේ පවතින වාහන සංචිතයෙන් මේ වනවිට නිශ්චිතව පවරා නොමැති මෝටර් රථ 03ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මසකට රුපියල් ලක්ෂ 06 බැගින් වැටුප් ගෙවන නිලධාරියෙකු නොවැම්බර් 01 සිට පත්කර ඇති බව අනාවරණය වේ.
ඔහුගේ තනතුර “ජනාධිපති ප්‍රවාහන අධ්යක්ෂ ජෙනරාල්” යනුවෙන් නම් කර ඇති අතර අධි සුඛෝපභෝගී ජීප් රථයක්ද අසීමිත ඉන්ධන ප්‍රමාණයක්ද ඔහු වෙනුවෙන් වෙන් කර දී තිබේ.
මේ වනවිට හෙළි වී ඇති තොරතුරු අනුව ජනාධිපති වාහන සංචිතයේ තිබෙන වාහන විශාල ප්‍රමාණයක් එක් එක් නිලධාරීන්ට නිල වශයෙන් වෙන් කර අවසන්ය. එසේ තිබියදී අලුතින් තනතුරක් නිර්මාණය කර මහජන මුදලින් නඩත්තු කිරීම් සිදු කරන්නේ ඉදිරි තීරණාත්මක මැතිවරණයකදී මෙම තනතුර සඳහා වෙනත් පුද්ගලයෙකු යොදවා මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරය බාරදීමේ අරමුණක් ඇතිව බවද හෙළි වී තිබේ.
වැඩිදුරටත් තොරතුරු හෙළි වන්නේ මෙම තනතුර පිහිටුවා ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අවශ්‍යතාවක් අනුව බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

