දිනේෂ් ශාෆ්ටර් මරණය ඝාතනයක්
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය එම මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ (31) ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් නීතිපතිගෙන්ද උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ආරම්භ කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.
මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව සහ මරණ පරීක්ෂණයේදී ඉදිරිපත්වූ පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන බවය.
මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබූ මෙම තීන්දුවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
“අධිකරණයේ නිරීක්ෂණ සටහන්ද, ඉදිරිපත්වූ සාක්ෂිද, මුල් අවස්ථාවේදී ඉදිරිපත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද, අධිකරණයෙන් පත් කළ පංච පුද්ගල වෝහාරික විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර එකඟත්වයෙන් නිකුත් කරන ලද වාර්තාව (හතර එක ලෙස තීරණය කරන ලද බහුතර මතය) සැලකිල්ලට ගනු ලැබුවා.
මෙම මරණයට දෘශ්‍යමාන හේතුව මරණකරුගේ ගෙල සහ මුහුණ මත පීඩනයක් යෙදීම බව තීරණය කරමි. ඉහත කරුණු අනුව අපරාධයක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් ඇතිවේ.
ඒ අනුව වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට නියෝග කරමි. ඥාතීන්ට මරණ සහතිකය ඉදිරිපත් කරමි.”
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

