Latestදේශීය

Dark web තොරතුරු පරණ කතාවක් – ධනික පෙරේරා

Payhere ජංගම දුරකථන යෙදවුම් හරහා මෙරට පුද්ගලයන්ගේ බැංකු කාඩ්පත් තොරතුරු ඇතුළු සංවේදී දත්තයන් Dark web වෙත මුදාහැර ඇතැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හෙලකුරු ව්‍යාපාරයේ ප්‍රධානී ධනික පෙරේරා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම සිදුවීම මෑතක සිදුවීමක් නොව 2022 වසරේ අප්‍රේල් මාසයේදී සිදුවූ සිදුවීමක් බවයි.

ඉන් අනතුරුව තම යෙදවුම්වල ආරක්ෂාව දැඩි කර ඇති බවද පවසන ඔහු මෑත කාලයේ ආරක්ෂක දෝෂ කිසිවක් සිදුවී නොමැති බවද නොමැති බව තහවුරු කරන බවත් කියා සිටී.

අදාළ සිදුවීමෙන් පසු පසුගිය වසරක පමණ කාලයේ සිට තම යෙදවුම් වල ආරක්ෂාව තහවුරු කිරීමේ අදාල කටයුතු ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ අනුව මේ වන විට පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාව සහතික කළ හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

කෙසේ වෙතත් සමාජ ජාලවල ඇතැම් පිරිස් චෝදනා නගන්නේ මෙම යෙදවුම හරහා තමන් තමන්ගේ බැංකු කාඩ්පත් ඇතුළු පෞද්ගලික දත්තයන් Dark Web වෙත මුදා හැර ඇති බවයි.

එ තත්ත්වයට ලක් වූ පිරිස් සමාජ ජාල වෙත ඒ ගැන සටහන් තබා තිබේ

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *