Latestක්‍රීඩාදේශීය

ඉන්දියාව හමුවේ අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම අතර අද පැවති මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්විය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 55ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලාන තරඟාවලියේ ඉවතට විසි වී යයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ඉතිරි වී ඇත්තේ තරඟ දෙකක් පමණි.

ශ්‍රී ලංකා පිල මීළඟ තරඟය නොවැම්බර් 6 වැනිදා බංගලදේශය සමගත් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසාන තරගය නොවැම්බර් 09 වැනිදා නවසීලන්ත සමඟත් පැවැත්වීමට නියමිතව ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *