රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් පොත් සඳහා 30% වට්ටමක්
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඊයේ (02) සිට පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පැවසුවේ ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවය.
“සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට අපි මේ පොත් නිකුත් කරනවා. ඒ නිකුත් කිරීමේදී 30%ක වට්ටමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා දීමට කටයුතු කරලා තියෙනවා.”
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

