Latestදේශීය

දුෂ්කර පලාත් නව යෞවනය පාසැල් හැරයාමේ ඛේදවාචකය

දුෂ්කර ප්‍රදේශවල අවුරුදු 12ත් 13ත් අතර පාසල් යායුතු වයසේ පසුවන දරුවන් පාසල් හැර යාමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තිබෙනු දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ දී පැවති (01) මාධ්‍ය හමුවකට එක් වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය විශේෂ හෙළිදරව්වක් කරමින් මේ බව පවසා ඇත.

සමාජ මාධ්‍ය වෙත දරුවන් යොමු වීම තුළින් ගැටලු සහගත තත්වයන්ට මුහුණ පාන බවද නවතම පර්යේෂණවලින් අනාවරණය වී ඇති බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටී.

මේ අතර මෙරට ආර්ථික විශ්ලේෂකයින් අවධාරණය කරන්නේ පසුගිය කාලය තුළ මෙරට සිදු කළ විවිධ ගවේශනයන් තුළින් තහවුරු වී ඇති කරුණු අනුව රට තුළ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ආර්ථික දුෂ්කරතාවය මත දරුවන් පාසල් හැර යාම හෝ පාසල් යන දින ගණන ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් සිටින බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *