Latestදේශීය

බදු වලට එරෙහිව වෛද්‍ය සංසදයත් වර්ජනයට එක්වෙයි

(අංජුල මහික වීරරත්න)

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද සහයෝගය ලබාදෙන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා දෙන්නේ වෛද්‍යවරුන් ලංකාවේ රඳවා ගැනීමට දරන උත්සාහයක් වශයෙන් යැයිද බෙල්ලන මහතා සඳහන් කළේය.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් රට අතැර යාම වැඩි වී තිබෙන බව කී බෙල්ලන මහතා ඒ අනුව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ප්‍රසාදාත්මකව අගය කරන බවද සඳහන් කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *