Latestදේශීය

රනිල් තීරණ විල්මා පෝෂණය කළ හැටි

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ සීනි බදු වැඩි කිරීමේ ගැසට් නිනියෝගයෙන් මෙරට සීනි බදු වංචාවේ කුප්‍රකට සමාගමක් වන පිරමීඩ් විල්මා සමාගමට මෙරවත් සීනි බදුවලින් අයුතු ආදායමක් උපයා ගැනීමට ඉවහල් වෙමින් තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාල සීනි බුදු වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එනම් 2023.10.30 දිනැතිව M/V “Vira Bhum” (විරා භූම්) නමැති නැවෙන් පිරමීඩ් විල්මා සමාගම සීනි මෙට්‍රික් ටොන් 520ක් මෙරටට ආනයනය කර තිබේ. ඒ වෙනුවෙන් ඔහු රේගුවට ගෙවා ඇත්තේ සීනි කිලෝ එකක් ශත 25 බැගින් රුපියල් 130,000ක බදු මුදලක් පමණි.

නමුත් මෙම මිල වැඩි කිරීමත් සමග සීනි තොග මිල රුපියල් 265 සිට රුපියල් 325 පමණ දක්වා ඉහළ යන බව වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අනුව මෙම සීනි තොගයෙන් අවම වශයෙන් රුපියල් කෝටි පහකට අධික අමතර ලාභයක් මෙම සමාගමට ලැබෙන බව දැනට ගණන කර තිබේ.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරිපත්වී කෙටි කාලයකට පසු එතෙක් රුපියල් 50කට පැවති සීනි ආනයන බද්ද ශත 25 දක්වා පහත හෙලන ලද නමුත් එම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදුන්නේ නැත. ඒ අනුව 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වන ලදී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *