Latestදේශීය

අනුර ‌ටෙක්සාස්හී වෛද්‍ය විශ්වවිද්‍යාලයට

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසන ලාංකිකයන් ඇමතීම සඳහා මේ දිනවල එහි ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එම සංචාරය අතරතුර ටෙක්සාස් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයකට එක්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ටෙක්සාස් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඔහු සිය මුහුණු පොතේ සටහනක් යොදා තිබෙන අතර එම සටහන පහතින් පල වේ.

“තම ඇමෙරිකානු සංචාරයෙදී, නව නිපැයුම් සහ නවීන පර්යේෂණ පිලිබඳ දැනුම උකහා ගන්නට මා සේවය කරන ටෙක්සාස් වෛද්‍ය විශ්වවිද්‍යාලය (Texas Medical Center) වෙත ආ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග….

රටට ගැලපෙන කුමන ක්ෂේත්‍රයක වුවද නිසි පර්යේෂණ හරහා අගය එකතු කළ (value added) භාණ්ඩ හා සේවාවන් තමන් විසින්ම නිපදවීම ඒ රටේ ස්ථාවර ආර්ථිකයකට යා හැකි ප්‍රධානම මාවතයි. මේ Research and development (R & D) තමයි ලෝකයේ දියුණු රටවල් අද ඒ ඉහලම ස්ථාන වල රඳවා තියන්නේ. මේ ගැන මා බොහෝ කලක් අපේ රටේ පාලකයන්ව දැනුවත් කරමින් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කරවීමට උත්සාහ කළා…..

අපේ රටට වැදගත් ක්ෂේත්‍රවලට අවශ්‍ය පර්යේෂණ කරන්න සහ දත්ත එක් රැස් කිරීමට විශාල පිරිවැයක් වැය වන්නේ නැහැ. මේ කතා කරන්නේ නවීන විද්‍යාගාර අවශ්‍ය වන පර්යේෂණ ගැන පමණක් නෙවෙයි. අපි මේ මාතෘකාව ගැන සවිතරව සාකච්චා කළා. මේ සඳහා අවශ්‍ය වන්නේ හරි අවබෝධයෙන්, සුදුස්සන්ගේ දැනුම යොදවා, නිසි ලෙස කලමනාකරණය කළ වැඩ පිළිවෙලක් දියත් කළ හැකි නායකයෙකුගේ අවංක කැප වීම සහ මග පෙන්වීමයි!”

මහාචාර්ය ගොමික උඩුගමසූරිය පිළිකා රෝගය ලෝකයෙන් තුරන් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර සොයා ගැනීෙම් පර්යේෂණවල නිරතව සිටින්නෙකු වන අතර පිළිකා ප්‍රාථමික සෛල තුළ පිළිකා පැවැත්ම හා ව්‍යාප්තිය පාලනය කරන නව සෛල කාරකයක් හදුනා ගැනීමට පර්යේෂණ කිරීම ඔහුගේ පර්යේෂණ අතර ප්‍රධාන වේ. විශේෂයෙන් හුස්ටන් සරසවියේ මහාචාර්යවරුන් හතර දෙනෙකු ලෝකයේ බලපෑමක් සිදුකරන නවෝත්පාදන වෙනුවෙන් නව නිපැයුම් පේටන්ට් ලබන විට ඒ සිවුදෙනාගෙන් එක් අයකු වූයේ මෙම මහාචාර්ය ගොමික උඩුගමසූරිය ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *