Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් වලට මෙහෙම වුනේ ක්‍රීඩා අමාත්‍යංශයේ වරදින් – ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙන්නේ ක්‍රිඩා අමාත්‍යංශයේ චේතනාන්විත බාධා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සහ වෘත්තීය භාවය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බවයි.

ඒ අනුව මෙතෙක් විසදුම් නොලැබුණු ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂා කරන බව ශම්මි සිල්වා සිය ලිපියෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව 2024 ජනවාරි මසදි ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් රජයේ සහයෝගය ලබාගැනීමේදි ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම.

ලංකා T10 සුපර් ලීග් තරගාවලයි සඳහා අවසර ලබාගැනීමේදි ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොදැක්වීම මෙවර ලෝක කුසලාන තරගාවලිය, නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය සහ පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියටත් ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සහභාගීත්වය ක්‍රීඩා අමාත්‍යංශය විසින් සීමා කිරීම යන ගැටලු ඒ අතරට අයත්.

@Hiru news


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *